අල්ලස් ගත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට
November 20, 2025 05:58 pm
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහායක තනතුරේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත අල්ලස් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා මත අද (20) අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනා එල්ල වූ ආරක්ෂක නිලධාරියා අවස්ථා 02කදී පැමිණිලිකරුගෙන් සහ පැමිණිලිකරුගේ මිතුරකුගෙන් රු. 40,000ක මුදලක්ද, බැංකු ගිණුමක් මගින් රු.10,000ක මුදලක්ද අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව එම පුද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද පෙ.ව.11.30ට පමණ කැලණිය, පෙතියාගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
