ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්

ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්

November 20, 2025   04:29 pm

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක් එක් කිරීමට කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබේ.

පසුගිය මාසයේ මෙම කෞතුකාගාරයේ තිබූ රන් භාණ්ඩ කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබුණි.

කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතියේ පැවති දෝෂ හේතුවෙන් එම කොල්ලය සිදු වූ බවට හඳුනා ගැනුණු අතර මේ හේතුව නිසා මෙලෙස ආරක්ෂිත කැමරා 100ක් කෞතුකාගාරයට එක් කිරිමට තීරණය කර ඇත.

2026 වර්ෂය අවසන් වීමට පෙර මෙම ආරක්ෂිත කැමරා 100 සවි කරන බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ඊයේ (19) මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

2025 වර්ෂයේ ප්‍රංශයේ මහජන විගණන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන්ව ඇත්තේ කෞතුකාගාරයේ කලා කෘති සඳහා අධික ලෙස වියදම් කිරීම නිසා කෞතුකාගාරයේ යටිතල පහසුකම් යාවත්කාලීන කිරීමට නොහැකි වූ බවය.