කළුතර ප්‍රා.ස අයවැයත්  මාලිමාව පරදියි

කළුතර ප්‍රා.ස අයවැයත් මාලිමාව පරදියි

November 20, 2025   04:20 pm

කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අද (20) ඉදිරිපත් කළ අයවැය එක් ඡන්දයකින් පරාජයට පත් ව තිබේ.

සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

එය සම්මත කරගැනීමට පෙර සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කර තිබේ.

පසුව ඡන්ද විමසීම සිදුකළ අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 15ක් ද, විරුද්ධව ඡන්ද 16ක්ද ලැබී ඇත.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 15ක් සහ අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වී නොමැත.

කළුතර ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන් ගණන 32ක් වන අතර, මන්ත්‍රීවරුන් 15ක් ජාතික ජන බලවේගයද, මන්ත්‍රීවරුන් 17ක් අනෙකුත් පක්ෂද නියෝජනය කරනු ලබයි.