ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 2ක් අවලංගුයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 2ක් අවලංගුයි

November 19, 2025   04:44 pm

අද (19) දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය මේ බව දැනුම් දී ඇත. 

බදුල්ලේ සිට කොළඹ බලා ඊයේ (18) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක්ව තිබුණි. 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා කර ඇති බවය. 

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කළ මෙම දුම්රියේ එන්ජිමට විශාල ගල්සහිත පස් කන්දක් කඩාවැටී තිබුණේ ඊයේ රාත්‍රී 8.30ට පමණය.