රටම එකට ජාතික මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 16,000 ඉක්මවයි
November 14, 2025 03:29 pm
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම් 16,915ක් පොලීසිය විසින් සිදුකර ඇති අතර එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝගද ලබා ගෙන තිබේ.
මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම ගංජා පැල 1,015,632ක්ද, කුෂ් කිලෝ 4 ග්‍රෑම් 847ක්, හෂීන් කිලෝ 25 ග්‍රෑම් 483ක්, මත්පෙති 41,874, මදනමෝදක කිලෝ 13 ග්‍රෑම් 17, මාවා කිලෝ 36 ග්‍රෑම් 176ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම මෙම වැටලීම් මගින් පුද්ගලයින් 313 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටද පොලීසිය විසින් පියවර ගෙන ඇත.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,
