විල්පත්තුවේ ගැබ්බර මුවදෙනක් මරා දමලා

විල්පත්තුවේ ගැබ්බර මුවදෙනක් මරා දමලා

August 28, 2025   09:25 pm

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද (28) අලුයම සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස භාරයට ගෙන ඇත්තේ රණෝරාව, නොච්චියාගම, අනුරාධපුර ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 31,40 හා 52 යන වයස් සීමාවන්වල පදිංචි පිරිසක්ය.

මෙම වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය හා ඔවුන් පැමිණි යතුරුපැදි 2ක්ද වනජීවි නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

නියඟයත් සමග ජලය සොයා රාත්‍රී කාලවලදී වනෝද්‍යානයට තුළ සැරිසරන වන සතුන් මරා මස් පිණිස අලෙවිකිරීමේ ජාවාරමක මෙම පිරිස නිරන්තරයෙන් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන භාරකරු ආර්. ඒ. ඩී. ඩී. සමරනායක මහතාගේ උපදෙස් මත කුකුල්කටුව අඩවි සහකාර කේ. පී. උදය කරුණානායක, වනසත්ව නියාමකයින් වන පී. යු.සඳරුවන්, ඩබ්ලියු. එස්. යු. කුමාර, ක්ෂේත්‍ර සහායක ධනුෂ්ක උදයංග, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සේ. ඒ. දිසානායක, පී. එස්. දිසානායක, එච්. එම්. ඩී. අයි. හේරත්, බහුකාර්ය නියාමක කේ. ඒ.ඒ. ගුණසේකර, ආර්. පී. ඩී. ජේ. සෙනෙවිරත්න යන නිලධාරින් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.