ඝාතන දෙකකට පස්දෙනෙකුට මරණ දඬුවම

ඝාතන දෙකකට පස්දෙනෙකුට මරණ දඬුවම

August 27, 2025   10:13 pm

2011 වසරේ වලස්මුල්ල ප්‍රදේශයේ මංගල සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බ්නධයෙන් වරදකරු වූ විත්තිකරුවන් තිදෙනකුට තංගල්ල මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කරනු ලැබීය.

එසේම 2008  වසරේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට ද කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබුණි.