පිළිකාවකින් පීඩා විඳින ක්ලාක්ට සැත්කමක්
August 27, 2025 06:37 pm
කලක සිට සමේ පිළිකාවකින් පීඩාවිඳින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හිටපු නායක මයිකල් ක්ලාක් තවත් සැත්කමකට භාජනය කර තිබේ.
2015 එක්දින ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට රැගෙන ආ නායකයා වන ක්ලාක්, ශල්‍යකර්මයෙන් පසුව ගත් ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරමින් මේ බව තහවුරු කර ඇත.
ක්ලාක් තම සෞඛ්‍ය තත්ත්වය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පලකරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකි සෑම විටම වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වන ලෙසය.
"ඔබේ සම පරීක්ෂා කරගැනීමට කාරුණික මතක් කිරීමක්. සුවකිරීමට වඩා වළක්වාගැනීම වැදගත්. මගේ තත්ත්වය අනුව මම නිතිපතා පරීක්ෂා කිරීම් සිදුකළා. කලින් හඳුනා ගැනීමට හැකිවීම ගැන මම කෘතඥ වෙනවා" යැයි ක්ලාක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන්කර ඇත.
සමේ පිළිකාව හේතුවෙන් ඔහු සැත්කමකට භාජනය වූ 6වන අවස්ථාව මෙයවන අතර, මෙවර ඔහුගේ නාසයේ පැතිර තිබූ පිළිකාවක් මෙලෙස ඉවත්කර තිබේ.
මේ වනවිට 44 හැවිරිදි වියේ පසුවන ක්ලාක්, තමන්ට පිළිකාවක් ඇති බව මුල්වරට අනාවරණය කරනු ලැබුවේ 2019 වසරේ මුල් භාගයේදීය.
ලොව සමේ පිළිකා බහුලව ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙන අතර, එරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට මෙම සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳියි.
නවතම අනාවරණයකට අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණ තම ජීවිත කාලය තුළ යම් ආකාරයක සමේ පිළිකාවක් වැළඳෙනු ඇතැයි අපේක්ෂා කර තිබේ.
වසර 12කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ක්ලාක් ආකෘති ත්‍රිත්වය යටතේම ජාත්‍යන්තර ලකුණු 17,112ක් රැස්කර ඇත.
එහිදී ශතක 36ක් හා අර්ධ ශතක 86ක් වාර්තාකර තිබේ.
ඊට අමතරව ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට පන්දු යැවීමෙන්ද ක්ලාක් ජාත්‍යන්තර කඩුලු 94කට හිමිකම් කියා සිටියේය.