යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන - බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසාගෙන - බිරිඳගේ සහ දියණියගේ සිරුරු නිවස තුළ

July 29, 2025   07:48 am

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවය.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බව සඳහන්ය.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.