දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
July 27, 2025 09:48 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.
මත්තල සිට කොළඹ බලා ධාවනය වූ කුඩා වර්ගයේ වෑන් රථකයක පිටුපස ටයරය පුරාගොස්, එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 6 දෙනෙකු සිට ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර තිබේ.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 44 හැවිරිදි වයස්වල කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.