සීදූවේ වෙඩිතැබීමක්

සීදූවේ වෙඩිතැබීමක්

July 21, 2025   09:01 pm

සීදූව ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ අද රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

සීදූව නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත

ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.