වැලිගම නගර සභාවේ නව නගරාධිපති වැඩ භාරගනී

වැලිගම නගර සභාවේ නව නගරාධිපති වැඩ භාරගනී

July 14, 2025   10:52 am

මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ.

මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී අකම් ඉල්ලියාස් මහතා ඇතුලු පිරිසක් සහභාගි වී ඇත.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.