ශ්‍රී ලංකාවට ලකුණු 178ක ඉලක්කයක්
July 13, 2025 08:37 pm
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක් හිමිවිය.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලිටන් දාස් පන්දු 50කදී ලකුණු 76ක් රැස් කළේය.
ශමිම් හුසේන් ලකුණු 48ක් රැස් කළ අතර තවුහිද් රිදෝයි පන්දු 25කදී ලකුණු 31ක් රැස් කළේය.
එමෙන්ම ටන්සිද් හසන් ලකුණු 5කට දැවී ගිය අතර මෙහිදි හසන් මිරාස්ට ද රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් (3/31) දවා ගැනීමට සමත් වූ අතර නුවන් තුෂාර (1/30) හා මහීෂ් තීක්ෂණ (1/30) එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් විය.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.