අමෙරිකානු තීරු බදු හරහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක අවශ්‍යතාව මතුවෙලා - දිලිත් ජයවීර

අමෙරිකානු තීරු බදු හරහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක අවශ්‍යතාව මතුවෙලා - දිලිත් ජයවීර

July 10, 2025   01:02 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක නව අන්‍යොන්‍ය තීරුබද්දක් පැනවීම හරහා ශ්‍රී ලංකාවට අපිට ආවේණික ගෝලීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් තිබීමේ අත්‍යවශ්‍යතාව පිළිබිඹු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පෙන්වා දෙන්නේ, අපට දැඩි ලෙස මුල් බැසගත් සහ ආවේණික ශක්තිමත් ආර්ථික ආකෘතියක් තිබීම ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා උපාය මාර්ගයක් බවය. 

ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවීමට නම්, කර්මාන්තවල අපගේ තරඟකාරී වාසි හඳුනාගෙන බටහිර ආධාර මත යැපීමේ මානසිකත්වයෙන් අප මිදිය යුතු බවත් දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

සර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කළ "ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්ම" කෙටුම්පත තුළින් පෙන්වාදී ඇති  උපායමාර්ගික ක්‍රම රජය බැරෑරුම් ලෙස අධ්‍යයනය කළයුතු යැයි තමා  නිහතමානී ලෙස යෝජනා කරන බවද දිලිත් ජයවීර මහතා පවසයි. 

සිය x ගිණුමේ තබා ඇති සටහනින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, " ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්ම පිටුපස ඇති කේන්ද්‍රීය අදහස වන "ව්‍යවසායක රාජ්‍යයක්" නම් සංකල්පය සලකා බැලීමට රජයට මෙය තීරණාත්මක කාලයකි." යනුවෙනි.