ප්‍රමිතියෙන් තොර වානේ කම්බි හැදූ ගබඩාවක් වටලයි
June 10, 2025 03:28 pm
ප්‍රමිතියෙන් තොර වානේ දඟර කම්මි නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
කහතුඩුව ප්‍රදේශයේ ආයතනයක් විසින් රාත්‍රි කාලයේදී මෙම වානේ කම්බි පසුව මීගමුව ප්‍රදේශයේ ගබඩාවකට ප්‍රවාහනය කරනු ලබන බවත් නිලධාරීන් විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාල නිෂ්පාදන ආයතනයෙන් රාත්‍රී කාලයෙහි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ ලොරි රථයක් හබායමින් අදාළ ගබඩාව පසුගිය 06 වන දින වැටලීමට කටයුතු කරන ඇත.
එහිදී එම ස්ථානයෙහි ගබඩාකර තිබූ දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති වානේ තොගයක් පවතින බවට පසුව අනාවරණය කරගත් අතර අදාළ තොගයේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 100 කට වැඩි බවද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත බවද එම අධිකාරිය පැවසීය.