FBC පරීක්ෂණයකට වැඩිපුර මුදල් ගත් රසායනාගාරයකට ලක්ෂ 5ක දඩයක්

FBC පරීක්ෂණයකට වැඩිපුර මුදල් ගත් රසායනාගාරයකට ලක්ෂ 5ක දඩයක්

June 3, 2025   06:59 am

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට (Full Blood Count Test) වැඩිපුර මුදල් අය කළ මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර ඇත.

අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් වරද පිළිගැනීමෙන් පසුව එම දඩය නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊයේ (02) මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම දඩය නියම කරන ලදී.

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම ගාස්තුව රුපියල් 400කි.