ඔළුපට්ටාව වැවේ සැකකටයුතු මරණයක්

ඔළුපට්ටාව වැවේ සැකකටයුතු මරණයක්

May 29, 2025   09:54 am

කහතුඩුව, සියබලාගොඩ, ඔළුපට්ටාව වැවේ පාවෙමින් තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව කහතුඩුව පොලීසිය කියයි.

එම පුද්ගලයා වයස අවුරුදු 50ට වැඩි බව සිතිය හැකි යැයි පොලීසිය සඳහන් කරයි.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැව අසලට ගොස් සිදුකළ පරීක්ෂාවේ දී වැවේ සොරව්ව ආසන්නයේ පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙන ඇත.

කහපාටට හුරු අත්කොට ටී ෂර්ටයකින් හා කොට කලිසමකින් එම පුද්ගලයා සැරසී සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පුද්ගලයන් සිව්දෙනකු පමණ සොරව්ව අසල මත්පැන් පානය කර සිටි බවත් එම පිරිස අතර කහපාටට ගුරු ටී -ෂර්ටයකින් සැරසී සිටි පුද්ගලයකු සිටි බවට අසල්වාසීන්ගෙන් තොරතුරු ලැබුණු බව පොලීසිය පවසයි.

යම් සිද්ධියක් හේතුවෙන් එම පුද්ගලයාව ඝාතනය කළා ද ? නැතිනම් වෙනත් ආකාරයකින් වතුරට වැටුණේ ද යන්න පිළිබඳ මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.