ලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේ
May 23, 2025 04:02 pm
ලොව පුරා ලොකු කුඩා කාගෙත් සිත්ගත් 'නීමෝ' නම් කාටූන් චරිතයට ආදර්ශය වූ 'Clownfish' නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.
නවතම අධ්‍යනයකින් ඔවුන් අනාවරණය කරගෙන ඇති කරුණු අනුව, තැඹිලි සහ සුදු පැහැති මෙම ආකර්ෂනීය මත්ස්‍යයා සාගර උණුසුමට ඔරොත්තුදීම සඳහා ස්වාභාවිකව දිගින් දිගටම කුඩා වෙමින් යන බව අනාවරණය වී තිබේ.
'Clownfish'මත්ස්‍යයෙකුගේ සාමාන්‍ය දිග සෙන්ටිමීර 11ක් පමණ බව සඳහන්.
එංගලන්තයේ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පැපුවා නිව්ගිනියාවේ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිට සිදුකළ පර්යේෂණයකින් මේ බව හෙළිකරගෙන ඇත.
ඔවුන් මාස 5ක කාලයක් තුළ 'Clownfish' මත්ස්‍යයන් 134ක් නිරීක්ෂණය කර ඇති අතර, එම කාලයේ සෑම මසකම සෑම මත්ස්‍යයෙකුගේම දිග මැනබලා තිබේ.
එමෙන්ම සෑම දින 4-6කට වරක් ජල උෂ්ණත්වය පරීක්ෂාකර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ ක්ලවුන්ෆිෂ් 134 දෙනාගෙන් 100ක්ම කුඩා වෙමින් සාගර උෂ්ණත්වයෙන් බේරීමට අනුවර්ථනය වී ඇති බව.
මෙය සාගර උෂ්ණත්වය ඉහළ යෑම වැනි පාරිසරික තත්ත්වයන් වෙනස් වනවිට කොරල්පර මත්ස්‍යයෙකු කුඩාවන බව සොයාගත් පළමු අවස්ථාව ලෙසින්ද සැලකෙයි.
මෙම අධ්‍යනයෙන් අනාවරණය වී ඇති අනෙක් බරපතළම කරුණ නම්, මෙලෙස 'Clownfish'මත්ස්‍යා දිගින් දිගටම කුඩා වනවිට එය එම මත්ස්‍යන්ගේ ප්‍රජනනයටද බලපාන බවයි.
ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.