විපක්ෂ නායකගේ වෙසක් දින පණිවුඩය

විපක්ෂ නායකගේ වෙසක් දින පණිවුඩය

May 12, 2025   10:51 am

රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැන නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවය.

යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු බවට බුදු දහමෙහි දැක්වෙන බව සිය වෙසක් දින පණිවුඩය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.