වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්
May 11, 2025 03:49 pm
2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබේ.
ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.14 වන දින දක්වාද, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා පැවැත්වේ.
බෞද්ධාලෝක වෙසක් කළාපය, බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භව බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා පැවැත්වේ.
බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොම්පඤ්ඤවීදිය පොලීසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද, එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හි පැවැත්වේ.
එමෙන්ම බේබෘක් පෙදෙසේ ද තවත් රථ වාහන සැලැස්මක් 2025.05.12 දින සිට 2025.05.13 වන දින දක්වාද ක්‍රියාත්මකවීමට නියමිත බව සඳහන් වේ.
එම රථ වාහන සැලැස්ම බේබෘක් පෙදෙස සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වා ද ක්‍රියාත්මක වේ.
ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව 2025.05.12 වන දින සිට 2025.05.13 වන දින දක්වා කාලය තුල කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 0700 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදු කරනු ලැබේ.
වෙසක් කළාපය පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචි කරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුල එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.
තවද, රථවාහන තදබදය සාමන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන අතර ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුල බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අදාළ සම්පූර්ණ නිවේදනය සහ මාර්ග පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.