උතුරු පිලිපීනයේ බස් රථ අනතුරින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් රැසක් මරුට
May 2, 2025 05:10 pm
උතුරු පිලිපීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් කුඩා ළමුන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව සදහන් වෙයි.
අනතුර සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.