බටහිර මුහුදු තීරයේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 200 ඉක්මවයි
April 12, 2025 06:02 pm
නාවික හමුදාව විසින් බටහිර මුහුදු තීරයේදී සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අද (12) උදෑසන නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් ලද තොරතුරක් මත බටහිර මුහුදු සීමාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධිවර යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබීය.
ඒ අනුව අද පස්වරුව වන විට අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අතර සිදුකළ පරීක්ෂා කිරීමකදි හෙරොයින් සහ අයිස් කිලෝ 100කට අධික ප්‍රමාණයක් එම යාත්‍රාව තුළ තිබී සොයාගෙන ඇත.
මෙහිදී ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික බව නාවික හමුදාව පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.