ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවා අත්අඩංගුවට

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවා අත්අඩංගුවට

April 12, 2025   04:39 pm

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් මගී කාන්තාවකට ලිංගික හිංසන සිදුකළ ඉන්දිය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ සැකකරු අද (12) අළුයම ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී. 822 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවය.

සැකකරු ගුවන් යානය තුලදී එම කාන්තාව හිංසනයට ලක්කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඇය ගුවන්යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. 

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි අයෙකු බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. 

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.