දෙවුන්දර තරුණයන්ට වෙඩි තැබූ ගිනිඅවිය සොයාගනී
April 12, 2025 02:02 pm
දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12) අළුයම සොයාගෙන තිබේ.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත එම පුද්ගලයා කුලී පදනම මත රැඳී සිටි නිවසේ සඟවා තිබියදී මෙම T56 වර්ගයේ ගිනි අවිය සහ මැගසීනය සොයාගත් බව පොලීසිය පවසයි.
පසුගිය මාර්තු මස 21වනදා දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.
එම සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුව ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.