කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට

April 28, 2024   12:13 pm

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයා වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් සහ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 හා 32 යන වයස පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

එහිදී පොලීසිය සොයාගෙන ඇති ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි ප්‍රමාණයේ බර කිලෝ 4 ඉක්මවන බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කිලිනොච්චි කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.