14 හැවිරිදි සිසුවාට දිවි අහිමි වූ අනතුර
April 1, 2024 07:56 am
පරගහදෙණිය පුස්වැල්ල මාර්ගයේ සිංහපුර ප්‍රදේශයේ දී පරගහදෙණිය දෙස සිට පුස්සැල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබිණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් හා පසුපැදිකරුවන් මාවතගම රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14ක් වයසැති සිංහපුර පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.
අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.