ඉදිරි මාස 06 තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

ඉදිරි මාස 06 තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

December 15, 2023   07:36 am

රටේ නීතිය හා සාමය දැඩිව පවත්වාගෙන යාම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි මාස 06ක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඊට බාධා කරන කිසිදු පාර්ශ්වයකට තමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව යටත් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.