13 වනදා නිවාඩු ලැබෙන පාසල් මෙන්න
November 9, 2023 04:32 pm
එළඹෙන නොවැම්බර් මස 13 වනදා පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මෙලෙස 13 වනදා දෙමළ මාධ්‍ය පාසල් වෙත නිවාඩු දී තිබේ.
මේ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ 13 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවය.