විමල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය

විමල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය

October 27, 2023   03:34 pm

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබේ.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව නඩු විභාගය කල් තැබීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.