දකුණේ පාසල් වාර විභාග ගැන තීරණයක්
October 15, 2023 07:23 pm
ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය හෙට (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවය.
