සිම්බාබ්වේ ට විශාල ජයක්

සිම්බාබ්වේ ට විශාල ජයක්

June 26, 2023   06:53 pm

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අමෙරිකාවට එරෙහිව අද (26) පැවැති තරගය ලකුණු 304 විශිෂ්ට ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.

එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ජයග්‍රහණය කළ දෙවැනි වැඩිම ලකුණු පරතරය මෙය වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 408ක් ලබාගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්ස් හයේ පහර 5ක් සහ හතරේ පහර 21ක් සමග පන්දු 101කදී ලකුණු 174ක දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීමට සමත්විය.

Joylord Gumbie ලකුණු 78ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී Abhishek Paradkar කඩුලු 3ක් දවාගත්තේය.