ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
May 7, 2023 10:45 am
අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.
සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.