ඔස්ට්‍රේලියාවේ දී පැය 30ක් ප්‍රමාද වු ශ්‍රීලංකන් ගුවන් යානය අද දිවයිනට
April 17, 2023 07:37 am
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වු ශ්‍රීලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතව තිබේ.
පසුගිය 15 වනදා දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වු ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යු.එල් 605 දරණ යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණි.
මේ හේතුවෙන් එහි ගමන් ගැනීමට නියමිතව සිටි මගීන් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊයේ (16) රාත්‍රී යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව වාර්තා වේ.
මගීන් 300ක පමණ පිරිසක් රැගත් එම ගුවන් යානය අද උදෑසන 9.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතය.
