මැතිවරණ කොමිසම මූල්‍යමය ස්වාධීන්ත්වයක් අපේක්ෂාවෙන්

මැතිවරණ කොමිසම මූල්‍යමය ස්වාධීන්ත්වයක් අපේක්ෂාවෙන්

April 12, 2023   03:04 pm

මැතිවරණ කොමිසම ද ඇතුළුව සියලුම ස්වාධීන කොමිෂන් සභාවලට මූල්‍යමය ස්වාධීනත්වය ලබාදිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ, "අද දෙරණ බිග් ෆෝකස් " වැඩසටහන සමග අද (12) පෙරවරුවේ එක්වෙමිනි.

"ඡන්දය පැවැත්වීම තමයි කොමිෂන් සභාවේ අපේක්ෂාව. ඉතින් ඒකට තමයි අපි පුළුවන් තරම් උත්සහා කරන්නේ. දන්න විදිහට ඒ උත්සාහයට විවිධ අවහිරතා තියෙනවා. අපි උත්සාහ කරනවා ඒ අවහිරතා ජයගන්න. නමුත් අපේ පාලනයෙන් තොර සමහර කරුණු නිසා අපි බලාපොරොත්තු වෙන දිනවලට ඒක කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. මූලික කරුණ තමයි අපි රජයෙන් ඉල්ලන්නේ මේ ඡන්දය පවත්වන්න කියල. මුල්‍ය අර්බුදය තමයි ප්‍රධාන වශයනේ කියන්නේ. ඒක අපිට කාලරාමුවක් කියන්න.. මේ කාලරාමුව වෙනකොට අපට යම් හෙයකින් ගැටලුවක් නැහැ කියලා.ඉතින් එහෙම කියනකොට ඒ කාලරාමුව අනුව පුළුවන් අපට සැලසුම් කරන්න."

ප්‍රශ්නය - ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනයි කිව්වට ඇත්තටම ස්වාධීන ද ? 

"මැතිවරණ කොමිසමේ සභාපති - ඔව් ගැටලුවක් තියෙනවා. මොකද මැතිවරණ විතරක් නෙමෙයි අපි විශ්වාස කරන විදිහට.. මගේ පෞද්ගලික අදහස සියලුම් ස්වාධීන කොමිෂන් සභා මූල්‍යමය ස්වාධීනත්වයක් තියෙන්න අවශ්‍යයි. ඒ මුල්‍යමය ස්වාධීනත්වය කොහොමද කරන්නේ ? කොයි විදිහටද ඒක හසුරුවන්නේ කියලා වෙනම නියාමනයක් තියෙන්න අවශ්‍යයි. ඒක වෙනම කාරණයක්." 

"නමුත් මුල්‍යමය ස්වාධීනත්වය නැත්නම් ඒ කොමිෂන් සභාවලට මේ වගේ බරපතළ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. තමන්ගේ ව්‍යවස්ථානූකූල කාර්ය කිරීමට නොහැකි වෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේත් ඒකනේ."

"ඡන්දය තියන්න සල්ලි දෙන්නේ කවද්ද කියලා අහන්න... ඒකයි ප්‍රශ්නය. ඒක එහෙම වෙන්නේ නැහැ.. අපේ ඡන්ද කැලැන්ඩරයක් තිබුණා නම්. දැන් අමෙරිකාවේ ජනාධිපතිවරණය දන්නවානේ.. නොවැම්බර් මාසේ දෙවන අඟහරුවාදා අනිවාර්යෙන් තියන්න ඕනේ. දැන් ඒ වගේ අපට ඡන්ද කැලැන්ඩරයක් නැහැ."