පොලිස්පතිගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
April 7, 2023 09:25 am
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවය.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
