තවත් මහාපරිමාණ වංචාවක්
March 30, 2023 08:47 am
ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් අදාළ සැකකරු විසින් සකසා ඇත.
එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගන්නා ලද සැකකරු මාර්තු 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අන්අයෙකු ලෙස පෙනීසිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත් අතර ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
