ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ මැදිහත්වීම අමෙරිකාව අගය කරයි
January 19, 2023 09:54 pm
ඉන්දියාව ශ්‍රී ලංකාවට සහායවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබාදීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළකරන බවය.
සියලුම ණයහිමියන් සාධාරණ හා සමාන ණය සහනයට එකඟවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීම සඳහා සහායවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද තානාපතිවරිය අවධාරණය කර තිබේ.