ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවෙන් IMF වෙත සහතිකයක්
January 18, 2023 08:36 pm
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන මූල්‍ය සහනය සඳහා නිශ්චිතවම සහාය දෙන බව ඉන්දියාව පවසයි.
ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන රාජට් කුමාර් මිස්රා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජියේවා වෙත ලිපියක් යවමින් ඒ බව දන්වා තිබේ.
එම ලිපිය ජනවාරි මස 16 වනදා යවා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඔහු තවදුරටත් සිය ලිපියෙන් දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදෙන බවය.
