පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි

January 18, 2023   04:35 pm

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා අද (18) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

එහිදී පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 06ක් හිමිවිය.

පසුව එම පනත කාරක සභා අවස්ථාවේදී සලකාබලා සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ අනුව කථානායකවරයා සඳහන් කළේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.