කළහාකාරීවූ  ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු හය දෙනාට ඇප

කළහාකාරීවූ ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු හය දෙනාට ඇප

November 16, 2018   07:49 pm

ආණමඩු නගරයේ කළහකාරි ලෙස හැසිරී පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබූ ආණමඩුව
ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ආණමඩුව පොලීසිය මඟින් අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් පසු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනී එස් විජේතුංග මහත්මිය විසින් එක් අයකුට රුපියල් 50000 බැඟින් ශරීර ඇප දෙක බැඟින් නියම කර ඇප මත මුදා හැරීමට ( 16 ) දින නියෝග කෙරුණි.

මෙසේ ඇප මත නිදහස් කෙරුණේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ )  
ප්‍රියන්ත රාජකරුණා මහතා සහ සරත් බන්දුල , ජගත් වීරසේකර , සුමිත් පුෂ්පකුමාර , ඩබ්ලියු.ඕ.ටි. ජයකොඩි , ජේ.ඒ.සනත් කුමාර යන සැකකරුවන් හය දෙනෙකී.

සභාපතිවරයා ඇතුළු සැකකරුන් හය දෙනා ඉකුත් 13 දින රාත්‍රියේ  ආණමඩුව නගරයේ  කළහාකාරි  ලෙස හැසිරී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට පහර දුන්නැයි පවසමින් ආණමඩුව පොලීසියට ලැබුන පැමිණිල්ලක් මත මෙසේ අද(16) දින අත්අඩංගුවට ගෙන ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ආණමඩුව පොලීසිය කටයුතු කර තිබුනී.

එහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරික්ෂක උපාලි රත්නමලල මහතා සමඟ පොලිස් කොස්තාපල් අතපත්තු යන මහත්වරුන් පවසා සිටියේ සැකකාර සභාපතිවරයා ඇතුළු පිරිස අයුතු ජන  රාශීයක් ලෙස රැස්වී පුද්ගලයකුට පහර දීම සහ මන්නයක් සන්තකයේ තබා ගැනීමට චෝදනා ලැබ ඇති බවයි.

එහිදී එම කරුනු සැලකිල්ලට ගත් ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනී එස් විජේතුංග මහත්මිය විසින් අදාල සැකකරුවන්ට එක් අයකුට රුපියල් 50000 ක ( පනස් දහස ) වෙනුවෙන්  ශරිර ඇප දෙක බැගින් නියම කිරීමට නියෝග කල අතර ඒ අනුව  සැකකරුවන් හය දෙනා හට ලක්ෂ තුනක ඇප වෙනුවෙන් ශරිර ඇප 12 ක් තැබීමට ද නියෝග කෙරුණි.

එසේම නැවත 2019 ජනවාරි 13 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අදාල සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරුණි.