ස්වාධීන කොමිෂන් සභා නිසා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ඉහල යනවා

ස්වාධීන කොමිෂන් සභා නිසා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ඉහල යනවා

August 22, 2018   06:58 am

වර්තමානයේ ස්ථාපිත කර ඇති ස්වාධින කොමිසම් සභා හේතුවෙන් රාජ්‍ය සේවයේ ස්වාධිනත්වය සහ කාර්යක්ෂමතාව ඉහල ගොස් ඇති බව සාගල රත්නායක අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය රටක දියුණුවට අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

කොටපොල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.