උකුසු ඇසට හසුවු ගංජා හේනක්
August 14, 2018 07:18 pm
තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන යනු ලබන ගංජා හේනක් පිළිබඳව ලද තොරතුරකට අනුව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමග එක්ව අද දෙරණ උකුස්සා රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.
ඒ අනුව එම ප්‍රදේශයට ළඟා වූ උකුස්සා පළමුව සුරාබදු නිලධාරීන් සමඟින් එක්ව අදාල ගංජා හේන වෙත රාත්‍රියේ ළඟා වූ අතර එහි වාඩියක සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ විය.
ඒ අනුව එහි රාත්‍රිය පහන් කර පසුදින සිදු කළ දුෂ්කර ගමනකින් පසුව අදාල ගංජ හේන වෙත ළඟාවීමට උකුස්සා සමත් විය.
ඒ යන අතරතුරදී දැකගත හැකි වුයේ ගංජා වගාව සඳහා නල මාර්ගයෙන් ජලයද සපයා ඇති ආකාරයයි.
අනතුරුව උකුස්සා අදාළ ගංජා හේන වෙත ළඟා වූ අතර එහිදී දැකගත හැකි වුණේ දැවැන්ත වන ප්‍රදේශයක් විනාශ කර මෙම ගංජා වගාකර ඇති ආකාරයයි.
මෙහිදී ද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ විය.
අක්කර තුනක පමණ භූමියක මෙම ගංජා වගාකර තිබූ අතර එහි හොදින් වැඩුණු ගංජා පැළ විසිදහසක් පමණ මෙහිදී සුරාබදු නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60ටකට ආසන්නයි.
ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.