බදුල්ලේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය යයි

බදුල්ලේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය යයි

August 12, 2018   09:11 am

බදුල්ල, කොකෝවත්ත පාර ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිකරන ව්‍යාරික ස්ථානයක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

තෙමහල් ගොඩනැගිල්ලක අද (12) අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර එහිදි එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි ව්‍යාපාරික ස්ථානයට ද ගින්න පැතිර ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි එම ව්‍යාපාරික ස්ථානයේ සිටි පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.

ගිනි නිවීමේ හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා තිබේ.