ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේන් උග්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ අවදානමක්

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේන් උග්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ අවදානමක්

July 16, 2018   06:48 pm


ග්ලයිෆොසෙට් තහනම යළි ඉවත් කිරීම හරහා උග්‍ර විෂ සහිත රසායනික ද්‍රව්‍ය නැවත මෙරටට ගෙන්වීමේ අවදානමක් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වාදෙයි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ තේ සහ රබර් වගාවට හැර අනෙකුත් සියලු වැවිලි බෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම් කරමින් අද(16) යළි ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.

පූර්ණ වල් නාශකයක් ලෙස භාවිත කෙරුණු ග්ලයි‍ෆොසෙට් රසායනිකය මෙරටට ආනයනය ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් තහනම් කෙරුණේ 2015 ඔක්තෝබර්  23  වැනිදායි.

කෙසේ නමුත් තේ සහ රබර් වගාවට අදාළ තහනම යළි ඉවත්කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජුලි මස 11 වනදා නිකුත් කළ බව පලිබෝධක නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජී.ඒ. සුමිත් මහතා ඊයේ(15) ‍ප්‍රකාශ කළ අතර අද මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළේය.