යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට
July 6, 2018 10:22 am
එරාවුර්, කොරකල්ලිමඩු විද්‍යාලය අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.
එම පොලිස් නිලධාරියා පැදවූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු ඕපනායක මිදැල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.