බාල වයස්කාර දැරියක් පැහැරගෙන සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයින් 2 කට අද ලැබුණු තීන්දුව
June 20, 2018 12:06 pm
බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඩුවම් නියම කර තිබේ.
2002 වසරේ බුත්තල ප්‍රදේශයේ දී සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි සහ 40 හැවිරිදි මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.
අදාල නඩුවේ තීන්දුව අද (200 ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරුවන් දෙදෙනා මෙම චෝදනාවලට වරදකරුවන් කරමින් වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබේ.
මීට අමතරව රුපියල් 5000 ක දඩයක් හා වින්දිත තරුණියට රුපියල් ලක්ෂය බැඟින් වූ වන්දියක් ද ගෙවන ලෙස විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කල බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මීට අමතරව එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බැවින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර තිබූ පුද්ගලයා නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
