භූමිතෙල් සහනාධාරය කඩිනමින් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය දෙවන දිනටත්
June 9, 2018 01:39 pm
භූමිතෙල් සහනාධාරය කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් මීගමුව ප්‍රදේශයේ ධීවරයින් ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
ඒ ලබන සඳුදා සිට භූමි තෙල් සහන මිලට ලබා දෙන බවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඊයේ දිනයේ නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව පවසමින්ය.
මෙතෙක් භූමි තෙල් සහනාධාරය හිමි ප්‍රතිලාභීන්ට එය අඩු මුදලට ලබා දෙන බවට රජය පොරොන්දු වුවද එය ඉටුකර නොමැති බව පවසමින් මීගමුව ප්‍රෙද්ශයේ ධීවරයින් ඊයේ උදෑසන සිය රැකියා කටයුතු වලින් ඉවත්ව සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
ධීවරයින් ආරම්භ කළ විරෝධතාවත් සමඟ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.
ඒ අනුව ඉහළ දැමූ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25ත් 30ත් අතර මුදලකින් පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ලබන සදුදා සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70ත් 80ත් අතර මිලකට ලබාගැනීමට හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් අද දිනයේදීත් සිය සත්‍යග්‍රහය අඛන්ඩව පවත්වමින් ධිවරයින් පවසන්නේ ඊයේ නිකුත් කළ අමාත්‍යංශ නිවේදනය තමන්ට පිළිගත නොහැකි බවයි.