යුද හමුදා නිළධාරීන් හා ගොවි ජනතාව එකතුවෙලා කරපු දේ මෙන්න
May 28, 2018 03:21 pm
පැවති වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, තුනුක්කායි උයිලන්කුලම් වැව් බැම්ම ගිලා බැස වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක්වු අවස්ථාවේ කිළිනොච්චිය යුධ හමුදා නිළධාරීන් මැදිහත් වී වැව් බැම්ම බේරා ගැනීම සිදුකරනු ලැබීය.
පසුගිය දින කිහිපය පුරාවට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උයිලන්කුලම් වැව් බැම්ම එක්වරම ගිලා බැස ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව කිලිනොච්චිය 65 වන සේනාංකයේ යුධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය ආඥාපතිවරයාගේ මෙහෙයවීම යටතේ යුධ හමුදා නිළධාරීන් වැලි කොට්ට යොදා වැව් බැම්ම ආරක්ෂා කිරීමට කටයුතු කළහ.
කිලිනොච්චිය උයිලන්කුලම ගොවි ජනතාව හා යුධ හමුදා නිළධාරීන් එක්ව වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ඊයේ(27) දක්නට ලැබිණි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ මෙහෙයවීම යටතේ, කිලිනොච්චිය 65 වන සේනාංකයේ සේනංකාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් හා ප්‍රදේශවාසීන්ගේද සහයෝගය මත ට්‍රැක්ටර් යොදා පස් කපමින් වැලි උර යොදා ගිලා බැසීමකට ලක් වූ වැව් බැම්ම සහිත ස්ථානයට ඉදිරියෙන් තවත් බැම්මක් ඉදිකිරීමට පියවර ගෙන වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළහ.
උයිලන්කුලම ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ හමුදා නිළධාරීන් සිදුකළ මෙහෙවර ඉතා අගය කොට සළකන බවයි.
