විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කරද්දී ජල සම්පාදනයත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සැරසෙයි
May 28, 2018 07:25 am
තම ඉල්ලීම් සඳහා මෙම සතිය තුළ නිසි විසදුම් නොලැබුණහොත් දැනට සිදු කරන අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය දැඩි කිරිමට ලබාපොරොත්තු වන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.
රජය විසින් ඉදිරිපත් කර ඇති නව ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරිමට සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල අර්බුදයට විසදුම් සෙවීමට රජය මේ දක්වාත් පියවර ගෙන නොමැති බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.
මේ අතර රජය විසින් පොරොන්දු වූ පරිදි වාර්ෂික වැටුප් වැඩීම මැයි මස වැටුප සදහා එක් කර නොකිරිමට විරෝධය පල කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරිමට ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ රත්මලාන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම සන්ධානය පවසයි.