වැල්ලවාය නගරයේ අනවසර වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

වැල්ලවාය නගරයේ අනවසර වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්

May 24, 2018   11:56 am

 

වැල්ලවාය ප්‍රාදේශීය සභාව මඟින් වැල්ලවාය නගරයේ ඇති අනවසර වෙළෙඳසැල්  කඩා ඉවත් කිරීමට අද (24) උදෑසන පියවර ගැනීමත් සමඟ වැල්ලවාය නගරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අනවසරයෙන් පදික වෙලඳුන් විසින් මාර්ගයට සහ ජනතාවට පීඩා වන අයුරින් මෙම වෙලඳසැල් පවත්වාගෙන යෑම නිසා වැල්ලවාය ප්‍රාදේශීය සභාව මඟින් එම වෙලදසැල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

වෙලදසැල් පනස් හයක් ඉවත් කිරීමට මෙහිදී පියවර ගෙන ඇති අතර මෙම අවස්ථාවෙදී වෙල්ලස්සේ හිමියන් පොලීසිය සහ ප්‍රාදේශීය සභා නිලධාරීන් අතර දැඩි උණුසුම් කතා බහක් ඇති වී ඇත.

වෙලදසැල් හිමියන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව ප්‍රකාශ කර සිටින අතර විරෝධතා ව මධ්‍යයේ මේ වන විට වෙලදසැල් ඉවත් කිරීම සිදු වෙමින් පවතියි.